‘වැලිපැන්න කොල්ලය‘ තනිකර රඟපෑමක්


වැලිපැන්නේදී ගිනිගත් කාරය හිමි ව්‍යාපාරිකයා රුපියල් කෝටි එක හමාරක් පමණ ණය තුරුස් වී සිටි අයකු බවත්, ඔහු මරා දැමීමට හෝ කාරයේ තිබූ බව කියන රුපියල් ලක්ෂ 60ක් පැහැර ගැනීමට කිසිවකු නොපැමිණි බවත්, එවැනි මුදලක් කාරයේ නොතිබූ බවත් පරීක්ෂණ පවත්වන කළුතර අපරාධ කොට්ඨාෂය කියයි. ඔහු ගෙදරින් එද්දී රුපියල් 25000ක් බිරියගෙන් ඉල්ලාගෙන ඇතැයි ද රුපියල් සියයක පෙට්‍රල්, බඳුනකට ලබාගෙන ඇතැයි ද පොලීසිය කියයි. ව්‍යාපාරිකයා තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කරගෙන යයි.