‘වාලච්චේන ජාතික කඩදාසි කම්හල මාස කිහිපයකින් ක්‍රියාත්මක කරනවා‘


(මුදිතා දයානන්ද)
වසා දමා තිබෙන වාලච්චේන ජාතික කඩදාසි කර්මන්ත ශාලාව මාස කීපයක් ඇතුළත යළි ක‍්‍රියාත්මක කරන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යාවසාය සංවර්ධන, කර්මාන්ත හා සැපයුම් කළමණාකරන අමාත්‍ය විමල් විරවංශ මහතා අද  (16)  පැවසීය.
 
ඔහු මේ බව සඳහන් කළේ වාලච්චේන ජාතික කඩදාසි කම්හල නිරික්ෂනය කළ අවස්ථාවේදිය. අක්කර 500කට ආසන්න භූමි භාගයක පැතිර ඇති මෙම කර්මන්ත පරිශ‍්‍රයේ පිහිටි පරිපාලන ගොඩනැගිල්ල, යන්ත‍්‍රාගාරය, බොයිලේරු අංශය, වැඩබිම් අංශය, ආදී සියල්ල ඇමතිවරයා නිරික්ෂනය කළේය.
 
ප්‍රදේශයේ තරුන තරුණියන්ට රැකියා ලබාදීමේ උල්පතක් ලෙසත්, කඩදාසි, කාඞ්බෝඞ් සඳහා පිටරටට ඇදි යන විදේශ විනිමය මෙරට රඳවා ගත හැකි ධන උල්පතක් ලෙසද මෙම කඩදාසි කම්හල යොදාගත හැකි බවද ඇමතිවරයා එහිදි පැවසීය.
 
මෙම කඩදාසි කම්හල වසා දන විටත් හාරසීයක පමණ සේවක පිරිසක් සේවය කරමින් සිටි බවද ඔහු පැවසීය. මෙම නිරීක්ෂණ චාරිකාවට අමාත්‍යංශ ලේකම් ජේ. ඒ. රංජිත් මහතාද ඇතුලූ නිලධාරින් පිරිසක්ද එක්විය.