‘වඩුන්නාගල‘ බලන්න මනෝ ගනේෂන් යයි


(  සිතුම් චතුරංග)


පුරාවිද්‍යා ස්ථානයක් වන වවුනියාව -  ඕලූමඩු , වඩුන්නාගල කන්දෙහි (වෙඩික්කනාරම්මලෙයි) පුරාවිද්‍යා නිලධාරීන් විසින් ඉදිකිරීම් නවත්වා දැමූ හින්දු කෝවිල පිළිබඳ සොයාබැලීම සඳහා ජාතික ඒකාබද්ධතා, සංහිඳියා සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා එහි නිරීක්ෂණ චාරිකාවක නියැලිණි.

 අමාත්‍යවරයා විසින් එහි පැරණි ගල්ලෙන් සහිත ස්ථාන, කටාරම් සහිත ගල් තලාවේ පිහිටි බ‍්‍රාහ්මීය අක්ෂර සහ පුරාවිද්‍යා වටිනාකම් සහිත ස්ථාන පිළිබඳ සොයා බැලීය.
ඉදිකිරීමට යොජිත හින්දු කෝවිලේ භාරකරුවන් විසින් අමාත්‍යවරයා වෙත විශේෂ දේවපූජාවක්ද පවත්වනු ලැබීය

 එහිදී අමාත්‍යවරයා පැමිණ සිටි පිරිසට පවසා සිටියේ අදාල ස්ථානය හින්දු ජනතාවගේ ආගමික වතාවත් සිදුකිරීම සඳහා නිදහස් කරගැනීමට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා සමඟ සාකච්ඡා කරන බවත් එය වැඩිදුරටත් පාර්ලිමේන්තුව තුළ දී  කතා කිරීමට බලාපොරොත්තු වන බවත්ය


 වන්නි දිස්ත‍්‍රික් දෙමළ ජාතික සන්ධාන මන්ත‍්‍රි ශාන්ති ශ‍්‍රී ස්කන්ධරාජා මහත්මිය ඇතුළු උතුරු පළාත් සභා මන්ත‍්‍රීවරුන්, දේශපාලන නායකයින් රසක් සහ නෙදුන්කර්ණි ප‍්‍රාදේශිය ලේකම් එස්.පරන්දමන් මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියහ.