‘වගා නොකරන පෞද්ගලික ඉඩම් රජයට‘


(සුජිත් හේවාජුලිගේ )

වගා නොකර අතහැර දමා ඇති පෞද්ගලික ඉඩම් රජයට පවරා ගෙන  වගා කරන පුද්ගලයින් සඳහා ලබාදීමට විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

ඒ සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාවක් හෙට  කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර  රජයට අයත් ඉඩම් වගා කටයුතු සඳහා ලබාදීමට හෙට සිට දිස්ත්‍රික් ලේකම්වරුන්ට බලය පවරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසයි.