‘ලෝක විනාශ කතාව බොරු‘ By None // 2012 දෙසැ 18 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මෙම මස 21 වැනිදා සිදුවේ යැයි කියන ලෝක විනාශය පදනම් විරහිත ප්‍රකාශයක් බව ඇමෙරිකාවේ ජාතික ගුවන් හා අජටාකාශ ආයතනය (නාසා) කියයි. එදිනට ඇතිවන විශේෂ ග්‍රහ පිහිටීමක් නිසා ලොව පුරා ස්වභාවික ව්‍යසන ඇතිවී පෘථීවිය විනාශ වනු ඇතැයි ඇතැම්හු විශ්වාස කරති.තවත් අය විශ්වාස කරන්නේ හිරුගේ ආයු කාලය ඉක්ම ගොස් හිරු මරණයට පත්වීමෙන් පෘථීවියත් සමග මුළු සෞරග්‍රහ මණ්ඩලයම විනාශ වනු ඇති බවයි. මෙම මතයට පාදක වී ඇත්තේ ලොව දියුණුතම ශිෂ්ඨාචාරයක් වූ මායාවරුන් සකස් කළේ යැයි සැළකෙන දින දර්ශනයේ ඔවුන් දින සටහන් කර ඇත්තේ 2012 දෙසැම්බර් මස 21 වැනි දින දක්වා පමණක් වීමයි. මේ සියලූ මත බැහැර කරන නාසා ආයතනය පවසන්නේ කෙදිනක හෝ කිසියම් ආපදාවක් නිසාවෙන් ලෝක විනාශය සිදු විය හැකි වුවද එය එළැඹෙන දෙසැම්බර් 21 වැනි දා නම් කොහෙත්ම සිදු නොවන බවයි. මේ අතර තව දෙසතියකින් පමණ එළැඹෙන්නේයැයි කියන ලෝක විනාශයෙන් බේරීමට විවිධාකාර උපාංග හා නිමැවුම් ඉදිරිපත් කරන අයගේද අඩුවක් නම් නැත.එවැන් නිමැවුමක් හදුන්වාදෙන ගොවියකු පිළිබඳව වාර්තා වන්නේ චීනයෙනි. මිනිසෙක් සුරක්ෂිතව රැදැවිය හැකි ගෝලාකාර කුටියක් ඔහු නිර්මාණය කර තිබේ.මේ කුටියට ජලය මත පාවීමේ හැකියාවද තිබේ. ලෝක විනාශය හෝ වේවා සුනාමි හෝ ගංවතුර තත්ත්වයක් හෝ වේවා සිය නිපැයුමෙන් මිනිස් ජීවිත ගලවාගත හැකි බව ඔහු කියයි.මේ කුටීරය ඇතුළත ඔක්සිජන් සිලින්ඩර ආහාර ජලය ආදී හදිසි අවස්ථාවක දිවි රැක ගැනීමට අවශ්‍ය දේ ද ගබඩා කර ඇත. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත