‘ලංකාවෙන් ගිය ගමන් කැනඩා පොලිස් කටේ‘


ශ්‍රී ලාංකිකයන් 492 දෙනකු කැනඩාවට හොරෙන් රැගෙන යෑමට මුල් වූ ශ්‍රී ලාංකිකයකු වන නඩරාජා මහේන්ද්‍රන් ටොරොන්ටෝ නුවර පියර්සන් ගුවන්තොටේ දී අත්අඩංගුවට ගත් බව කැනඩා පොලිසිය කියයි. ශ්‍රී ලංකාවෙන් එහි ළඟවූ ගුවන් යානයක මහේන්ද්‍රන් සිටි බව කැනඩා පොලිසිය කියයි. සන් සී නැවෙන්  2010 අගෝස්තු මාසයේ දී එම පිරිස බ්‍රිටිෂ් කොලොම්බියාවට රැගෙන එන ලදැයි ඔහු ද තවත් පස් දෙනෙක් චෝදනා ලබා සිටිති. තායිලන්ත, ඕස්ට්‍රේලියා හා නෝර්වේ පොලිසි මේ මිනිස් ජාවාරම අල්ලා ගැනීමට කැනඩාවට සහාය වෙයි. සැකකරුවෝ සිවු දෙනෙක් කැනඩා අත්අඩංගුවේ පසුවෙති. කැනඩාව කියනුයේ සැකකරුවන් ප්‍රංශයේ සිට කැනඩාවට පිටුවහල් කිරීමට නියමිත බවයි. තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කැර ඇත.