‘ලංකාවට ගිහින් බලන්න‘


කොටි ත්‍රස්තවාදය පැරැදැවූ 2009 යුද්ධය නිමවීමෙන් පසුව ශ්‍රී ලංකාවේ ඇති වූ ආර්ථික, සමාජ පුනරුත්ථාපන, ප්‍රති සංස්කරණ හා සංහිඳියා ප්‍රවර්ධනය ගැන බ්‍රිතාන්‍ය සාමි මන්ත්‍රී මණ්ඩලයේ දී එංගලන්ත සංචාරක කවය ඇමැතූ මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් පැවැසුයේ ‘ශ්‍රී ලංකාවට ගිහින් බලන්න‘ යනුවෙනි. ඔහු එහි දී රජ පවුලේ සාමාජිකයන්, සාමිවරුන් හා මන්ත්‍රීන් ඇතුළු ප්‍රභූන් ඇමැතීය. පශ්චාත් යුද සමයේ සංවර්ධනයෙන් සංචාරක කර්මාන්තය දියුණු වී ඇතැයි ද  ඔහු කීවේය.