ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පැවැති සමයේ මියගිය සිවිල් වැසියන් සම්බන්ධයෙන් සාධාරණ හා විශ්වාසනීය පරීක්ෂණයක් කිරීමට ලංකාව අපොහොසත් වී ඇතැයි එක්සත් ජනපදයේ සිවිල් ආරක්ෂාව, ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් පිළිබඳ නියෝජ්‍ය ලේකම් සාරා සෙවාල්ය අද කීවේය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පසුගිය වර්ෂ දෙකේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනා දෙකක් ඉදිරිපත් කර තිබියදීත් ලංකාව සාධාරණ, ස්වාධීන පරීක්ෂණයක් කිරීමට කටයුතු කර නැතැයි නියෝජ්‍ය ලේකම්වරිය කීවාය.