‘ලංකා සිංගප්පුරු ගිවිසුම දැක නෑ’



 
 
(සුජිත් හේවාජූලිගේ සහ ඩයනා උදයංගනී)
 
ශ්‍රී ලංකා සිංගප්පූරු ගිවිසුම තමා දැක නැති බවත් ඒ පිළිබඳව කැබිනට් මණ්ඩලයේ පවා සාකච්ඡා නොකෙරුණු බවත් ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පාර්ලිමේන්තුවේ දී අද (24) පැවසීය.


 “මේ ගිවිසුමෙන් අපට වන බාධා පිළිබඳව අපි දැනුම්වත් නැහැ. ඒ ගැන සොයා බලනවා” යැයි ඔහු කීය.


ඇමැතිවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා සිංගප්පූරු ගිවිසුම පිළිබඳව මතු වූ සංවාදයකදී ය. 


මේ පිළිබ‍ඳව අදහස් දැක්වූ අර්ජුන රණතුංග මහතා මෙසේ පැවසීය.


 “අප ගිවිසුම දැකලා නැහැ. ඒක දැන් පාර්ලිමේන්තුවට දෙනවා කියනවනේ. මං රටට හානියක් වන කිසිම දෙයක් කරන්නේ නැහැ. ආයෝජකයන් ගේනවා නම් මා රටට හොඳ විදියටයි කරන්නේ. මම ඉන්නකම් සංස්ථාව පෞද්ගලීකරණය කරන්න ඉඩ දෙන්නේ නැහැ. සංස්ථාවේ ලාභය යන්න ඕන ජනතාවටයි. අපි තෙල්වලට මිල සූත්‍රයක් දැම්මා. ඒක ලෝකෙ හැම තැනක ම තියෙන දෙයක්.”