
(සුජිත් හේවාජුලිගේ )
බරපතළ සංකූලතා සහිත කොවිඩ් රෝගීන්ට ලබාදෙන " රෙගන් කොව්"නමැති ඖෂධය මෙරටට ගෙන්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ ඖෂධ පිළිබඳ විශේෂඥ කමිටුව අනුමැතිය ලබාදී ඇත.
ලොව රටවල් රැසක් කොවිඩ් රෝගීන්ට එම ඖෂධය ලබාදෙන බව සෞඛ්‍ය අංශ පවසයි.
රෙගන් කොව් ඖෂධය ලබාදීමෙන් අසාධ්‍ය රෝගීන්ගේ ජීවිත අවදානම සියයට 81 කින් පමණ අඩු වන බව පරීක්‍ෂණවලින් සනාථ වී ඇත.

