‘රූමි මොහොමඩ්‘ වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගත්තේ කෙසේදැයි මහෙස්ත්‍රාත් අසයි


( නිමන්ති රණසිංහ )
රාජ්‍ය ඖෂධ නීතීගත සංස්ථාවේ හිටපු  සභාපතිවරයා වන රූමි මෙහොමඩ් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත්තේ කෙසේදැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (06) අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවෙන්  කරුණු විමසුවාය.
 
 ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව   අධිකරණයට කිසිදු පිළිතුරක් ලබා නුදුන්නේය.
 
සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වු දෙදනාට රුපියල් ලක්ෂ 20 ක් ලබා දුන්නැයි කිය සිද්ධියට  රූමි මොහොමඩ් මහතා වරදකරු වී  සිටින අතර අද නඩුව කැඳවු අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මහෙස්ත්‍රාත්වරිය මෙම කරුණු විමසුවාය.

 සිද්ධිය සම්බන්ධ වැඩි දුර  නඩු විභාගය  අද  දහවල් 1 තෙක් කල්  තැබිණි.