‘රිට් ආඥා දැන් එපා‘


අග විනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝග විමර්ශනය දැනට අවසන් බැවින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ කටයුතු වළක්වන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයේ ගොනු කර ඇති රිට් පෙත්සම් නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණයට නියෝග කරන්නැයි ඉල්ලා රජයේ හිතවතුන් තිදෙනකු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් තුනක් ගොනු කළහ. ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණෙ සභාපති පීටර් නෙල්සන් හිටපු මහාධිකරණ විනිසුරු පී.කේ. ඩබ්ලිව්. විජයරත්න යන රාජ්‍ය සේවා වෘත්තීය සමිති පර්ශදයේ සභාපති පී.එච් පියදාස මහත්වරුන් විසින් මෙම පෙත්සම් ගොනුකර ඇත.