(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කර තිබියදී හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතාට සැඟව සිටීමට උදව් උපකාර කළ පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩි ලෙස ක්‍රියාක්මක කළ යුතු බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියයි.
උඩුගම්පල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ දී අද (29) මිනුවන්ගොඩ තරුණ සංවිධාන නියෝජිතයන්ගේ හමුවකදී රණතුංග මහතා මේ බව සඳහන් කළේය.
රාජිත සේනාරත්න මහතාගේ කටේ නරිවාදම් දැන් රෙද්ද පල්ලෙන් බේරෙන බවත් රාජපක්ෂවරුන්ට බොරු නඩු පටලවා සිරගත කිරිමේ යහපාලන ආණ්ඩු න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කළ අයෙකු වන රාජිත සේනාරත්න මහතාට දිට්ඨධම්ම වේදනීය කර්මය පරිසන් දෙමින් පවතින බවද රණතුංග මහතා සඳහන් කළේය.
" මිනිහෙකුට කරදරයක් වුණාම අපි කවදාවත් ඒක හොදයි කියපු අය නෙමෙයි. ඒත් රාජිත සේනාරත්න හිටපු ඇමැතිවරයා මේ රටට කරපු විනාශය නිසා අද රාජිත අත්අඩංගුවට ගත්තාම අනේ අපොයි කියන කෙනෙක් නෑ. එදා මට මතකයි රාජිතලා; මහින්ද මහත්තයලා, ගෝඨාභය මහත්තයලා අත්අඩංගුවට ගන්නවා කියලා පම්පෝරි ගහපු හැටි".
රාජිතලා එදා වැඩ කළේ රාජපක්ෂ පවුලෙන් පළි ගැනීමේ වුවමනාවට. ඒ අයට ඕන වුණේ රාජපක්ෂලා හිරේ දාන්න. ඒ වෙනුවෙන් යහපාලන ලොක්කෝ නීතිය නැමුවා. හැබැයි අපි එහෙම නෑ. අපි නීතිය නමන්නේ නෑ. නීතියට ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙනවා. රාජිතලාට, චම්පිකලාට වගේම යහපාලන හොරුන්ටත් නීතියෙන් ගැලවීමක් නෑ.
රාජිතව, චම්පිකව පොලිසිය අත්අඩංගුවට ගත්තාම දේශපාලන පළිගැනීම්ලු, පුදුම වැඩක් තමයි. එදා නාමල්, යෝෂිත, ජොන්ස්ටන්, විමල් අත්අඩංගුවට ගන්නකොට ඒක නීතිය ක්‍රියාත්මක කිරීම. අද රාජිතව, චම්පිකව පොලිසිය අත්අඩංගුවට ගන්නකොට දේශපාලන පළි ගැනීම්ලු, පුදුම කතා මේවා.
මම දැක්කා රාජිතට වරෙන්තු කරලා තියෙනකොට දවස් දෙකක්ම හැංගිලා හිටියේ මේ රටේ හිටපු නායිකාවකගේ ගෙදර කියලා සමහර වාර්තා පළවෙලා තියෙනවා. වරෙන්තුකරුවෙකු වූ රාජිතට රැකවරණ දුන්නේ කවුරු වුණත් ඒ අයගේ තරාතිරම නොබලා ඔවුන්ට එරෙහිව ද නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කළ යුතුයි.
2015 ජනවාරි 8 තමයි මේ රටේ මෑතක දී ඇති වූ මූසලම දිනය. ඒ දිනයෙන් පස්සේ රට ආගාධයට ගියා. අපි දැන් අපේ රට ඒ ආගාධයෙන් ගොඩගැනීම සඳහා අවශ්‍ය කටයුතු ද කරමින් ඉන්නවා. මේ රටේ ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳව තබා ඇත්තේ සුළු පටු විශ්වාසයක් නෙමෙයි. ඒ විශ්වාසය අපි කිසිලෙසකවත් පළුදු කරන්නේ නෑ.
මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාර අරංගල්ල, උප සභාපති සුජීව සම්පත්, මිනුවන්ගොඩ නගරාධිපති නාලන් නීල් ජයසේකර යන මහත්වරුන් ද මෙහි දී කථා කළහ.

