(වීඩියෝ සහිතයි)
පාර්ලිමේන්තුව විසිරැවීමට පෙර නියත වශයෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධාන අගමැතිවරයකු පත් කර ගන්නා බව මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අද (25) අභයාරාමයේ පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.
බහුතරය සිටින්නේ විපක්ෂයට බැවින් නුදුරේ දී අගමැතිට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් කතානායකට බාර දෙන බවත්, පෙර යෝජනා මෙන් මෙය හමස් මල්ලට නොදමා විවාදයට ගනිතියි බලාපොරොත්තු වන බවත් ඔහු පැවසීය.
ඡන්දයට පෙර එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාවට පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟ වුවහොත් අගමැති ලෙස පත් කරන පුද්ගලයාගේ නම හෙළි කරන බව ද ඔහු සඳහන් කළේය.
බස්නාහිර පළාත් මන්ත්‍රී උදය ගම්මන්පිල -
‘ඉදිරි මහ මැතිවරණයෙන් අපට පහසුවෙන් ජය ගත හැකියි. දෙමළ ජාතික සන්ධානයට ඇත්තේ ඡන්ද ලක්ෂ හතක් පමණයි. ජනතා විමුක්ති පෙරමුණ ලක්ෂ පහක් ගනියි. එක්සත් ජාතික පක්ෂය, හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ මුස්ලිම් පක්ෂ එකට ඉල්ලුවොත් ලක්ෂ 50ක් විතර ගනියි. මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ගත් ලක්ෂ 57 ඒ විදියටම අපට තිබෙනවා. යහපාල ආණ්ඩුවේ ක්‍රියා කලාපය නිදා තවත් ලක්ෂ දහයක් පමණ ඊට එකතු වෙනවා.‘




