‘රත්තරන් පස්සක්‘ රේගුවේදී අල්ලයි


රුපියල් ලක්ෂ 27 රන් කැබලි හතරක් සිරුරේ සඟවාගෙන චෙන්නායි නුවරට රැගෙන යන්නටට කටුනායක ගුවන් තොටට ආ ඉන්දියා ජාතිකයෙක් රේගුව විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. රන් කැබලි වල බර ග්‍රෑම් හාරසිය අටකි. ඔහු චෙන්නායි හා කොළඹ  අතර මෑතකදී 50 වරක් එහා මෙහා ගොස් ඇතැයි රේගුව කියයි. නාඳුනන පුද්ගලයකු ඔහුට මෙම රන් කැබලි දුන් බව ඔහු කියා ඇත. රේගු අධිකාරී එචි.එල්.එන්.පී වනිගසේකර මහතාගේ උපදෙස් පිට නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන නිශාන්ත ජයසිංහ, උපුල් ඉන්ද්‍රජිත් , සහකාර රේගු අධිකාරීවරුන් වන චරිතා හෙටිටිගොඩ, හරේන්ද්‍ර ලියනගම, මංජුල කුමාර, අමිල අබේධීර සහ අසංග ප්‍රියදර්ශන යන නිලධාරීහු   විමර්ශන කටයුතු සිදු කරන අතර නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ස්ටැන්ලි සේනාරත්න මහතා රේගු පරීක්ෂණය  සිදු කරයි.