(ඩී ජී සුගතපාල)
දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එක්සත් ජනතා නිදහස් සංධානයේ ක්‍රිෂාන්ත පුෂ්පකුමාර හෙවත් 'රත්තරං' සහ ඔහුගේ රියැදුරා ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය විසින් අද(05) අත්අඩංගුවට ගත්තේය.
පසුගිය වසරේ චීන ජාතික කාන්තාවක දූෂණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්, නීතිපතිවරයාගේ උපදෙස් මත අත්අඩංගුවට ගෙන තිබේ.
ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රීවරයා ද වේ.

