මේ වනවිට ආන්දොලනයකට ලක්ව ඈති රමිත රඹුක්වැල්ල ක්‍රිකට් ක්‍රීඩකයා රට ගැන සිතා වගකීමෙන් හැසිරිය යුතුව තිබුණා යැයි බස්නාහිර පලාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා කියයි.
‘මමත් අනන්තවත් ගුවන් ගමන් ගිහින් තියෙනවා. එත් කිසිම දවසක වැසිකිලියේ දොරයි ගුවන් යානයේ දොරයි හොයා ගන්න අපහසු වෙලා නැහැ. නොදන්න යම් දෙයක් තියෙනවා නම් මම කාර්ය මණ්ඩලයෙන් අහනවා. දොරවල් දෙක පැටලුනා කීම හිතාගන්න අමාරුයි.‘
‘මේ සිදුවීම මමත් පත්තර වලින් තමයි දැක්කේ. ඔහු බීලා හිටියා කියලයි සදහන් වෙලා තිබුණේ. ඒක ඇත්ත නම් ඇමතිවරයෙක්ගෙ පුතෙක් වශයෙන් නොවෙයි රට නියෝජනය කරන ක්‍රිඩකයෙක් වශයෙන් වගකීමක් ඇතිව හැසිරෙන්න තිබුනා. හැබැයි කොලු කමට අපිත් ඒ දවස්වල නොයෙක් දේ කළා.‘
‘අපේ තාත්තාට වඩා ගුරුවරියක් වෙච්ච අම්මා තමයි අපිට තදින් හිටියේ. කොලුකමට කරන දෙවල් ඔබත් දන්නවා ඇතිනේ. හැබැයි ඇමතිවරුන්ගේ දරුවන් බොහෝ සැලකිලිමත් වෙන්න ඕනෑ. මාධ්‍යය නිතරම ඔවුන් ගැන ඇහැ ගහගෙනයි ඉන්නේ‘