දුගී බවින් තොරවූ ආදායම් පරතරය අවම රටක් ගොඩනැගීමට අවශ්‍ය බවත් වැඩකරන පන්තියේ ජනතාවගේ සිත්වල සතුටක් ඇති කිරීමට ඔවුන්ට අයිතිවාසිකම් ලබාදීමට යහපත්, නිදහස් පරිසරයකින් යුත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සෑම උත්සාහයක්ම ගන්නා බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (30) කොළඹ හයිඩ් පිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැලිය අමතමින් කීවේය.
වැඩකරන ජනතාවගේ මානව හිමිකම්, මූලික අයිතිවාසිකම් සමග සියලු අයිතිවාසිකම් තහවුරු කිරීම තම අරමුණ බවද ජනපති කීවේය.
රටේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාවය සුරකින බවද කීවේය.
එම අවස්ථාවේදී එස්.බී.නාවින්න ඇමැතිවරයා විසින් මැයි දින සමරු කලාපය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පිළිගැන්වීමද සිදුවිය.
(වීඩියෝ රොමේෂ් ධනුෂ්ක සිල්වා)
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා













