‘රටට ගිය කලක්‘


රටක පාලකයින් කැපවිය  යුත්තේ රටේ උගත් බුද්ධිමත් සමාජයක් බිහි කිරීමට  මිස නුගතුන් ජන සමාජයක් ඇති කිරීමට නොවේ යැයි  නාට්‍යවේදී  ජයලාල් රෝහණ මහතා පවසයි. 

‘ඇත්තෙන්ම මුල් කාලේ අපේ රටට බිහි වුණේ උගත් සමාජ හිතකාමී දේශපාලකයින්. අද ගමේ නගරයේ තැන චණ්ඩියටයි, කසිප්පු කාරයටයි. අද මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. මෙගා නාට්‍ය වලින් තරු බවට පත් වුණු ගමේ නගරයේ සංගීත ප්‍රසංගයකදී හු කියන නළු නිළියන් ගායක ගායිකාවන් රට පාලනය කරන්න ඇවිත් තවත් රොත්තක් එන්න හදනවා. රටේ ලොකු පාලකයින් දන්නවා මිනිස්සුන්ගේ බුද්ධි මට්ටම.  එකයි මේ වගේ අ ය ඒ තැන වලට ගේන්නේ. මේ යන විදියට කොතනින් නවතීද කියලයි ප්‍රශ්නය.

ඒ කොහොම වුණත් මම සැප්තැම්බර් මාසේ මුල් සති දෙකේදී ඉතාලියට එනවා. දේශන කිහිපයකට සහභාගී වීමට. ඇත්ත කතා කරලා රටේ ජන සමාජය හොද තත්වයකට ගන්න පුළුවන්නම් මැරුණත් කමක් නැහැ කියලයි මම හිතන්නේ.‘