තමා රජයෙන් ඉල්ලා අස්වීමත් සමඟ රජය දෙදරා ඇතැයි ද, හෙට අනිද්දා වන විට තවත් පිරිසක් රජයෙන් කැඩී යනු ඇතැයි ද විපක්ෂයේ පොදු පේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30) පොළොන්නරුවේ දී පැවසීය.
‘අතිගරු ජනාධිපතිතුමනි මම ඔබට පෞද්ගලිකව ද්‍රෝහි වූවා නොවේ. මම ද්‍රෝහි වූයේ ඔබ ගෙන යන ක්‍රමයටයි. ඔබට හෝ ඔබේ පවුලේ අය සමඟ ද්‍රෝහි වූවා නොවේ. ද්‍රෝහි වූයේ අල්ලසටය, දූෂණයට හා වංචාවටයි.
තුනෙන් දෙකේ බලය තිබූ මේ ආණ්ඩුවට රටට වැඩක් කළේ නෑ. ඒ බලය පාවිච්චි කළේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 18 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට පමණයි. (එම සංශෝධනයේ අරමුණ වූයේ බලයේ සිටින ජනපතිවරණයකු දෙවරකට වැඩි වාර ගණනක් ජනපතිවරණයට ඉදිරිපත් වීමේ අවස්ථාව සැලසීමයි.)

