‘රජය රෝම සෙබළා වගේ’
පුරාණ රෝම සොල්දාදුවන් වහලූන් හා කළ සටනක් ලෙස පළාත් සභා තුනේ ඡන්දය පවත්වතියි ජනතා විමුක්ති පෙරෙමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා චෝදනා කළේය.
ආණ්ඩුව රෝම සොල්දාදුවකු මෙන් ආයුද සන්නද්ධව රාජ්‍ය බලය සහිතව සිටිනවා. විපක්‍ෂය නිරායුද කර සිරගත කර සිටිනවා. සොල්දාදුවා දිනුවාම ඔහුගේ දක්‍ෂකම නිසා ජයගත් බවට විග‍්‍රහ කරනවා යැයි ද සිල්වා මහතා කීය.
ඡන්ද නීති කඩ කිරීම සාමාන්‍ය දෙයක් ‘හොඳින් හරි නරකින් හරි අපි දිනනවා’ ‘මම මැරෙනකන්ම මහ ඇමැති’ වැනි කතා ඇහෙන්නෙත් ඒ නිසා යැයි ද හෙතෙම කීය.

