ව්‍යාජ උද්ඝෝෂණ හේතුවෙන් මොරටුව වේල්ස්කුමර විදුහලේ විදුහල්පති සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන නතර නොකරන ලෙස කියමින් ලංකා ගුරු සංගමය අධ්‍යාපන ලේකම් ගෝඨාභය ජයරත්න මහතාට ලිඛිතව දන්වා ඇත.
මේ විදුහල්පතිවරයා සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් ඇරැඹි අතර ඒ සමග පරීක්ෂණවල සාධාරණත්වය සඳහා අමාත්‍යංශයට අනුයුක්ත කළත් එය ද ක්‍රියාත්මක නොවූ බවත්, ඔහු විද්‍යාලයයේ කටයුතු කරන්නේ වැඩබලන පදනමෙන් බවත්, ඔහු ගැන කරන විමර්ශන දිගින් දිගටම ප්‍රමාද කළ බවත් ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්ගේ අත්සනින් යැවූ ලිපියේ සඳහන්ය.
විදුහල්පතිගේ වැඩ තහනමට විරුද්ධ පිරිසක් පසුගියදා උද්ඝෝෂණයක් සිදු කළ බව ද, විදුහල්පතිට එල්ල වී ඇති චෝදනා එයින් යටපත් නොවන හෙයින් රාජ්‍ය සේවා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කොට පාසල් පද්ධතිය තුළ ඔඩු දුවන දූෂිත තත්ත්වය නතර කරන ලෙස ඉල්ලා සිටි බව ද, කිසිදු චෝදනාවක් නැතිව පසුගියදා තර්ස්ටන් විදුහල්පති මාරු කළ අමාත්‍යංශය මෙම ව්‍යාජ උද්ඝෝෂණයට නිලධාරීන් යැවීම මවිතයට කරුණක් බවත් අධ්‍යාපන ලේකම්ට දන්වා ඇත.