‘මොඩ් දැරියගේ‘ පියා දිසාපාමොක්ට ගසයි
ඇහිබැම ගා නියපොතුවල කියුටෙක්ස් ආලේප කර කොටට නිල ඇඳුම ඇඳගෙන පාසලට කිහිපවරක්ම පැමිණි ශිෂ්‍යාවකට මව්පියන් ගෙන්වා අවවාද කිරීමෙන් පසුව ගම්පහ මිශ්‍ර පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයක් විකට්ටුවකින් පහර කා ගම්පහ රෝහලට ඇතුලු කරනු ලැබ සිටී.
විදුහල්පති කාරයෙන් ගෙදර යද්දී දැරියගේ පියා ත්‍රීරෝද රථයකින් පැමිණ පාර හරස් කර එල්ල කළ මේ ප්‍රහාරයෙන් නියෝජ්‍ය විදුහල්පතිගේ ඇටද බිඳී ගොස් ඇතැයි රෝහල් ආරංචි කියයි. සැකකරු අත්අඩංගුවට ගැනීමට නියමිතය.
සැකකරු සොයා සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති සේනක ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායම් තුනක් යොදවා ඇත.

