අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර
ජනතාවගේ පෝර සහනාධාරය කප්පාදු කරන, රටේ ආර්ථික සම්පත් විකුණන, වැඩබැරි ආණ්ඩුව ගෙදර යවන්න ඕනෑයි හිතන මහින්ද මහත්තයාගේ නායකත්වය පිළිගන්න සියලූම ජනතාව සමඟ කොළඹට පැමිණ කොළඹ වටලා අලූත් ආණ්ඩුවක් අරං ගෙදර එන බව රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී පවිත‍්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය අද (3) උඩවළවේ දී පැවසුවාය.
ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය සභාවේ උඩවලව උප කාර්යාලය සහ පුස්තකාලය විවෘත කරමින් පැවති ජන හමුවේ දී ඇය මේ බව පැවසුවාය.
ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය සභා සභාපති සුරන්ත වීරසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම විවෘත කිරීම් සිදුවිය.
එහිදී තවදුරටත් කතා කළ රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී පවිත‍්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය කීවාය.
‘‘මහින්ද මහත්තයා ඉන්නකම් යුද්දෙන් රට බෙදන්න බැරි බව දෙමළ ඩයස් පෝරාව දැනගෙන හිටියා. ඒ නිසා මහින්ද මහත්මයා ඉන්නකම් ඒ අයගේ බලාපොරොත්තු ඉටු කරගන්න බැරි බවත් දැනගෙන හිටියා. දෙමළ ඩයස්පෝරාවට ඕනෑ විදියට නටවන්න පුළුවන් මෛත‍්‍රී සහ රනිල් බලයට පත් කළා. එහෙම කරලා රට බෙදන ව්‍යවස්ථාවක් ගෙනාවා. මේ ව්‍යවස්ථාව සම්මත වුණොත් ස්ථිරවම රට බෙදනවා.’’
‘‘අද ආණ්ඩුවක් තියනවාද කියන ගැටලූව තියනවා. රටේ ආර්ථිකය, කර්මාන්ත සහ ගොවිතැන කඩා වැටිලා. ගම්මිරිස්, තේ, රබර්, මැණික් කර්මාන්ත කඩා වැටිලා. ආණ්ඩුවට විසඳුම් නෑ. මහින්ද මහත්තයා දුන්න පෝර සහනාධාරයට කප්පාදු කරලා ගොවියා අසරණ වෙලා.’’
‘‘අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ, පෝර සහනාධාර කප්පාදුවට විරුද්ධ, රටේ ආර්ථිකය කඩා වැටීමට විරුද්ධ සෑම කෙනෙකුටම මහින්ද රාජපක්‍ෂ මහත්තයා වටා එකතුවෙන්න කියා අපි ඉල්ලනවා. මහින්ද මහත්තයාගේ නායකත්වය පිළිගන්න අපි සියලූ දෙනාම පස් වෙනිදාට කොළඹට ඇවිල්ලා කොළඹ හැම තැනක්ම වටලනවා. පහුවදා ආපහු ගෙදර එන්නේ අපේ ආණ්ඩුවක් අරගෙන. ඒ ඓතිහාසික අවස්ථාවට අපිත් එක්ක රොද බැඳගෙන එකතු වෙන්න කියලා අපි හැමොගෙන් ම ඉල්ලනවා’’ යැයි ද කීය.
මේ අවස්ථාවට ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය සභාවේ පක්‍ෂ සහ විපක්‍ෂ එජාපයේ සභිකයන් ද පැමිණ සිටියේය. ඇඹිලිපිටිය නගර සභාවේ සහ කොළොන්න ප‍්‍රාදේශීය සභාවේ පාලක පක්‍ෂවල සභිකයන් ද, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනී රෝහණ මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

