‘මිලියනයකට වඩා පිරිසක් දුම් පානය අතහැරලා ‘


කොවිඩ්-19 වසංගත ව්‍යාප්තිය සමඟ  මිලියනයකට අධික පිරිසක් දුම්පානය අතහැර දමා ඇති බවට අනාවරණය වී තිබේ.
 
දුම්පාලනය සහ සෞඛ්‍යය පිළිබඳ පුණ්‍යායතනයක් විසින් සිදු කළ සමීක්ෂණයකදී මේ බව අනාවරණය වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.
 
කොවිඩ් නයින්ටී වසංගත ව්‍යාප්තිය සඳහා දුම්පානය සෘජුව බලපාන බැවින්  සියයට 41ක පිරිසක් දුම්පානයෙන් ඉවත් වී ඇති බව සඳහන්.
 
2007 වසරේ ජුනි මස සමීක්ෂණ වාර්තාව හා සැසදිමේදී මේ වසරේ ජුනි මාසයේ වැඩි පිරිසක් දුම්පානය කිරිමෙන් වැළකී ඇති බව වාර්තා වේ.
 
සෞඛ්‍ය උපදෙස් අනුව දුම්පානය කරන පුද්ගලයින්ට කොවිඩ් ආසාදනයවීමේ වැඩි අවදානමක් පවතින බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.
 
 ( ගාඩියන් ඇසුරෙනි)
125