‘මෑන් පවර්‘උද්ඝෝෂණයෙන් ගුවන්තොටුපොළ කටයුතු අඩාලයි


(ප්‍රසාද් මුතුකුඩ)

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ  කාගෝ  අංශයේ සේවය කරන ‘මෑන් පවර්‘ සේවකයින් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් සේවයෙන්  ඉවත්වීම හේතුවෙන් මේ වන විට කටුනායක ගුවන්තොටුපොළ කටයුතු ආඩාල වී තිබේ.
 
වැටුප් වැඩි කරන්නැයි කළ ඉල්ලීම බලධාරීන් නොසලකා හැරීම හේතුවෙන්  ඔවුහු අද (31)  සේවයෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි ගුවන් තොටුපොළ නිදහස් සේවක සංගමය පවසයි.
 
සිය ඉල්ලීම් ඉටුවන තුරු මෙම ක්‍රියාමාර්ගය අත්නොහරින බව ඔවුහු පවසති. මේ වන විට ගුවන්තොටුපොළ කටයුතු අඩාල වී තිබේ.