‘මැතිසබේ ස්ථාවර නියෝග නීතියක් නොවේ‘


 

විනිසුරුවරයකු වැරැදිකරුවකු කිරීමේ නීතිමය බලයක් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට නැතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බවත් පාර්ලිමේන්තු ස්ථාවර අණ පනත් හි 78 ඒ වගන්තිය නීතියක් නොවන බවත් අභියාචනාධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ කථනය ඉදිරිපත් කරමින් ප්‍රකාශ අද කෙළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ අර්ථ කථනයක් පතමින් අභියාචනාධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මීට පෙර ඉල්ලා සිටියේය. ඒ අනුව අග විනිසුරුවරියට එරෙහි චෝදනා විභාග කිරිමට ද පාර්ලිමේන්තු තේරීම් සභාවට බලයක් නැතැයි අභියාචනාධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ කථනය උපුටා දක්වමින් පැවැසීය. පාර්ලිමේන්තුවේ සාමාන්‍ය කටයුතු කරගෙන යාම සඳහා වන ස්ථාවර නියෝග නීතියක් නොවන බවත් ඒ අනුව විනිසුරුවරයකුට එරෙහි චෝදනා විභාග කිරීමට නීතිමය බලයක් පර්ලිමේන්තු තේරීම් කාරක සභාවට නැති බවත් අභියාචනාධිකරණය ප්‍රකාශ කෙළේය.