ඉකුත් එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය පැවැති සමයේ දී රුපියල් කෝටි ප්‍රකෝටි ගණන් වැය කරමින් සිදු කළ නාස්තිකාර වැඩසටහන් ගැන පරීක්ෂණ පවත්වා විස්තර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා කියයි.
හම්බන්තොට පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල පැවැත්වීමට අනුමැතිය ගැනීමට ශාන්ත කීට්ස් හා තේවීස් දූපත්හි පැවැති ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳැවීමකට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ රුපියල් දසලක්ෂ 846 ක මුදලක් වැය කිරීම ගැන මුදල් අමාත්‍යංශය විශේෂ පරීක්ෂණයක් පවත්වන බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

