‘මහපොළ‘ සතු සියලු අරමුදල් රජයේ බැංකු-මහබැංකුවල අයෝජනයට අනුමැතිය


(රංජන් කස්තුරි)

මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල සතු සියලු ම අරමුදල් රජයේ බැංකු හා මහ බැංකු බැඳුම්කරවල පමණක් ආයෝජනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

මහපොළ ශිෂ්‍යත්ව අරමුදල සතු මුදල් කටයුතු සිදු කළේ මෙතෙක් මහපොළ අරමුදලට පූර්ණ හිමිකම් ඇති නැෂනල් වෙල්ත් කෝපරේෂන් ලිමිටඩ් සහ නැෂනල් වෙල්ත් සිකියුරිටීස් යන සමාගම් දෙක මගිනි. 

එම සමාගම්වල ක්‍රියාකාරීත්වය හේතුවෙන් මහපොළ අරමුදලට අවාසිදායක තත්ත්වයක් මතුව තිබෙන බව ද උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු ඇමති විජයදාස රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති යෝජනාවේ සඳහන් වේ.

එම නිසා සමාගම් දෙක ඈවර කිරීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

මීට අමතරව මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව බාර අරමුදල් පනතේ නාමය 1981 අංක 66 දරන ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල් පනත ලෙස සංශෝධනය කිරීමට ද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.