‘මහනුවර විවෘත’ අන්තර්ජාතික චෙස් තරගාවලිය අගෝ : 29 දා සිට මහනුවරදී
ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ සහයෝගයෙන් 64 ස්කෙයාර්ස් චෙස් විද්‍යායතනය තෙවැනි වරටත් සංවිධානය කරන ‘මහනුවර විවෘත’ අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීමේ චෙස් ශුරතාවලිය අගෝස්තු 29 වැනිදා සිට සැප්තැම්බර් මස 2 වැනිදා දක්වා මහනුවර පොල්ගොල්ල සමුපකාර සංවර්ධන ජාතික ආයතනයේදී පැවැත්වේ.
තරගාවලියට ඉන්දියාව, නේපාලය සහ මාලදිවයින යන රටවල් තුනකින් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමට ඇතුළත් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 20 කට වැඩි දෙනෙක් සහභාගිවෙති.
තරග වට නවයකින් සමන්විත තරගාවලියේ ජයග‍්‍රාහී ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට පිරිනැමෙන ත්‍යාග මුදල 250,000 කි. එහිදී ශූරයාට කුසලාන, රන් පදක්කම සමග රුපියල් 50,000 ක්ද, අනුශූරයාට රිදී පදක්කම සමග රුපියල් 30,000 ක් සහ තෙවැනි ස්ථානය හිමි කර ගන්නා තරගකරුට ලෝකඩ පදක්කම සමග රුපියල් 20,000 ක් ද ලෙස ත්‍යාග පිරිනැමේ.
ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 200 කට ආසන්න පිරිසකගේ සහභාගීත්වයෙන් පසුගිය වසරේ පැවැති තරගාවලියේ විවෘත ශූරතාව දුලාන් එදිරිසිංහ දිනා ගත්තේය. තරගාවලිය පිළිබඳ වැඩි විස්තර සංවිධාක කමිටු සභාපති රජින්ද්‍ර කලූගම්පිටිය (0715601237) ඇමැතීමෙන් ලබා ගත හැකිය.

