‘මරණ තුනක් ඇති කෙනකුත් පැණි කෑය‘


යුරෝපය මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් තම කලාපය මුදා ගැනිමට ජර්මනියේ චාන්ස්ලර් ඇන්ජෙලා මැර්කල් මහත් වෙහෙසක් ගන්නා කාන්තාවකි. විටෙක  ආර්ථික අර්බුදයේ ගිළී ගිය යුරෝපා රටවලට ගොස් ඵයින් ගොඩ එන මං කියා දෙයි. තවත් වීටෙක  කිසිවක් නොකර බලා සිටින ඵවැනි රටවල පාලකයින්ට ඵරෙහිව උපාහාසාත්මකව කතා කරයි. යුරෝපයේ ආර්ථික අර්බුදය දැන් දැන් ජර්මනියට ද ළඟාවෙමින් තිබෙන මොහොතක මේ සියලු දේ මොහොතකට අමතක කළ චාන්ස්ලර්වරිය පසුගිදා උදෑසනක අබෙන්ස් බර්ග් නුවර වෙළද ප‍්‍රදර්ශනයකට ගොඩ වැදි තම දේශපාලන හිතවතූන් පිරිසක් සමග බිර බීම  යුරෝපා මාධ්‍යයට හොඳ පුවතක් විය