(ආරියරත්න රණබාහු)
ජාතික ප්‍රතිපත්තිවලට හා රාජ්‍ය තාන්ත්‍රික කටයුතු කෙරෙහි අවධානය යොමු කිරිමට තමාට තිබෙන කාලය අද බොහෝ විට වැය කිරිමට සිදුව ඇත්තේ උද්ඝෝෂණවල ප්‍රශ්න විසඳීමට යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු පරිශ්‍රයේ අද (28) පැවති උත්සවයකදී පැවසීය.
එම නිසා උද්ඝෝෂණවල ප්‍රශ්න ඒ ඒ අමාත්‍යාංශවල ලේකම්වරු බාරගෙන කටයුතු කළ යුතු යැයි ද ජනාධිපතිවරයා කීය.
රජයේ මුල්‍ය පාලන නිතිරිති හා රෙගුලාසිවලට අනුගතව 2018 වසරේ ඉහළ මට්ටමේ කාර්ය සාධනය පිළිබඳ සතුටුදායක ප්‍රතිඵල පෙන්වූ රාජ්‍ය ආයතන 109 කට සම්මාන පිරිනැමීම වෙනුවෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ කමිටු ශාලා 1 හි පැවති උත්සවය අමතමින් ජනාධිපතිවරයා මෙසේ කීය.
(ඡායාරූප - චතුර එස් කොඩිකාර)





