( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
බේරුවල ට ආසන්න දකුණු මුහුදේ දී රුපියල් කෝටි තුන්සියයකට ආසන්න හොරයින් මත්කුඩු තොගය මෙරට ප්‍රවාහනය කිරීමට සංවිධාන කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන චමින්ද තාබ්‍ර නොහොත් බොබ්මාලි බිරිඳ සහ ඔහුට නවාතැන් පහසුකම් ලබාදුන් මිතුරාද අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි.
ප්‍රධාන සැකකරු වන බොබ් මාර්ලි නැමැත්තා සන්තකේ තිබී හොරෙයින් මත්කුඩු ග්‍රෑම් 100 ද පොලිස් බාරයට ගෙන ඇත
ඇල්පිටිය කැටපොල ප්‍රදේශයේ රබර් වත්තක හුදෙකදෙ නිවසකදී ප්‍රධාන සැකකරු වන බොබ්මාලි නැමැත්තා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔව් දිගට වවා තිබූ කොන්ඩය කපා දමා තිබූ බවත් එම කොණ්ඩය ද බෑගයක දමා තිබී සොයාගත් බව පොලිසිය කියයි
පොලිසිය එම නිවස වටලන අවස්ථාවේ දී සැකකරු කාමරයේ මෙට්ටයක් මත නින්දේ පසු වූ බවත් පොලිසිය කියයි
සැකකාර පුද්ගලයා එම කොන්ඩය කපා ඇත්තේ වෙනත් පුද්ගලයකු එම නිවස වෙත ගෙන්වා පෙරේදා 7 බවත්ප්‍රශ්න කිරීමේදී වැඩිදුරටත් අනාවරණ වූ බව පොලිසිය කියයි සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ඔහු පදිංචි නිවස අසල මාදු ගඟ ගඟ රක්ෂිත ද බෝට්ටු යොදා මෙහෙයුමක්ද ක්‍රියාත්මක කෙරිණි.
අත්අඩංගවට ගත් ප්‍රධාන සැකකරු 41හැවිරිදි පුද්ගලයකු වන අතර ඔහුගේ දෙවැනි විවාහයේ බිරිඳ ගේ වයස අවුරුදු 34 කි
නවාතැන් පහසුකම් පුද්ගලයාගේ වයස අවුරුදු 47කි. පොලිස් මත්ද්‍රව්‍ය මත්ද්‍රව්‍ය නාශක කාර්‍යංශයේ සහකාර පොලිස් අධිකාරී සේමසින්හ ,පොලිස් පරීක්ෂක පැතුම් කුමාර මහතා පරීක්ෂණ පවත්වයි

