‘බොදු බලේ ගෝඨා එක්ක හවුලක් නෑ‘


බොදු බල සේනාව පිළිබඳ අසත්‍ය ප්‍රචාර කරමින් හා කරුණු විකෘති කරමින්   සිය දේශපාලන අරමුණු හා ව්‍යාපාරික අරමුණු ඉටු කර ගැනීමට ජාතික හා ජාත්‍යන්තර කොන්ත්‍රාත් භාර ගත් පුද්ගලයින් හා ආයතන ක්‍රියාත්මක වන බව බොදු බලසේනා ප්‍රධාන විධායක නිලධාරී දිලන්ත විතානගේ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියයි.

‘බොදු බල සේනා දේශපාලන පෙරමුණ‘ කරළියට ඒමත් සමග බොදු බල විරෝධී මාධ්‍ය හැසිරීමද බලවත් වූ බව දක්නට ලැබුණු බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හා බොදු බල සේනා දේශපාලන පෙරමුණ අතර නැති සම්බන්ධයක් ඇති කිරීම, බටහිර කුමන්ත්‍රණයක් පිළිබඳ වැරදි ලෙස චෝදනා කිරීම, බොදු බල සේනා දේශපාලන පෙරමුණේ නායකත්වයට කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රීලනිප නායකයෙක් සම්බන්ධ වීම් පිළිබඳ ඇතැම් අසත්‍ය වාර්තා දක්නට ලැබුණු බවත් ඔහු කියයි.

අසත්‍ය ප්‍රචාරවලට එරෙහිව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බොදු බල සේනා සංවිධානයක් ලෙස හා පුද්ගලිකව ක්‍රියාකරන බව ද විතානගේ මහතා පැවසයි.