‘බින්දු‘ පොලිසියේ


මහනුවර හතරලියද්දේ අනවසරයෙන් මුදලට බින්දු චිත්‍රපටය පෙන්වමින් සිටි ස්ථානයක් හතරලියද්ද පොලීසිය විසින් වැටලිණි.

මෙම අනවසර සිනමාහල පොලීසිය වටලන අවස්ථාවේ කිසිදු අවසරයකින් තොරව සෝමරත්න දිසානායක මහතාගේ බින්දු චිත්‍රපටය ප්‍රදර්ශනය කරමින් තිබූ බවත් ඒ සඳහා යොදා ගත් ප්‍රොජෙක්ටරය ඩීවීඩී යන්ත්‍රය ශබ්ද විකාශන යන්ත්‍ර ඇතුළු උපකරණ  රුපියල් සියය ගණනේ අලෙවි කිරමින් තිබූ ටිකට්පත් තොගයක්ද සමග සැකකරුවකුද අත් අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.