‘බිග් බෑෂ්’ තරගාවලියට මුරලිදරන් එක්වෙයි


ලෝක ටෙස්ට් ක‍්‍රිකට් පිටියේ වැඩිම කඩුලූ ලාභියා වන ශ්‍රී ලංකා පිලේ හිටපු පිට දඟ පන්දු යවන ක‍්‍රීඩක මුත්තයියා මුරලිදරන්  ඕස්ටේ‍්‍රලියානු ‘බිග් බෑෂ්’ විස්සයි-20 ක‍්‍රිකට් තරගාවලියේදී මෙල්බන් රෙනෙගේඞ්ස් පිල නියෝජනය කිරීමට ගිවිසුමකට අත්සන් කර තිබේ. කණ්ඩායම් අටක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය ලබන දෙසැම්බර් මස 7 වැනිදා සිට ජනවාරි මස 19 වැනිදා දක්වා පැවැත්වේ. ඕස්ටේ‍්‍රලියානු පිලේ හිටපු සුපිරි පා දඟ පන්දු යවන ක‍්‍රීඩක ෂේන් වෝන් මෙම තරගාවලියේදී මෙල්බන් ස්ටාර් පිලට ක‍්‍රීඩා කිරීමට නියමිතය. මෙල්බන් රෙනෙගේඞ්ස් පිල සමග මෙම එක තරගාවලියක් ක‍්‍රීඩා කිරීමට තමන්ට අවශ්‍ය බව මේ පිළිබඳව අදහස් දක්වමින් මුරලිදරන් පැවසීය.