ආරියරත්න රණබාහු
අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන බැවින් හෙට (15) සිට යෝජිත පෞද්ගලික බස් වර්ජනයට සහය නොදෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
විභාගය අවසන් වු පසු පවත්වන වර්ජනයකට සහය දීමට කැමති බවද පවසන විජේරත්න මහතා ඒ අනුව විභාගයෙන් පසු ඒ සඳහා දිනයක් යොදා ගන්නා ලෙසද සියලුම බස් වර්ජනකරුවන්ගෙන් ඉල්ලා සිටියි.
මෙම දිනවල පැවැත්වෙන උසස්පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගෙන් අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කිරිමට කටයුතු නොකර හෙට (15) දින සියලුම පෞද්ගලික බස් රියදුරු මහත්වරු ඇතුළු කාර්ය මණ්ඩලවලට සේවයට වාර්තා කරන ලෙස හෙතෙම ඉල්ලා සිටියි.