(අජන්ත කුමාර අගලකඩ)
රජයේ රැකියාවලට බඳවාගනු ලැබූ උපාධිධාරී අභ්‍යාසලාභීන් 45,000 ක පමණ පිරිසට පුහුණුව ලබාදීම මැතිවරණ කොමිසන් සභාව විසින් නතර කරනු ලැබීම අනුමත කළ නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
පුවත්පත් කතුවරුන් හා විද්‍යුත් මාධ්‍ය ආයතන ප්‍රධානීන්න සමඟ අද (5) පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙසේ පැවසීය.
මෙම පත්වීම් ලබාදීම පිටුපස කිසිදු දේශපාලනයක් නැතැයි ද තමා ඒ කිසිවකට අත ගැසුවේ නැතැයි ද ජනාධිපතිවරයා පැවසීය.
මෙම උපාධිධාරීන් තෝරා ගෙන පත්වීම් ලිපි යැව්වේ දිස්ත්‍රික් ලේකම්වරුන් මාර්ගයෙන් බව කී ජනාධිපතිවරයා මහමැතිවරණය ප්‍රකාශයට පත්කරන අවස්ථාව වන විට ඔවුනට පත්වීම් ලිපි යවා අවසන් බවද කීවේය.
එසේ තිබියදී එම උපාධිධාරීන්ට පුහුණුව දීම මැතිවරණ කොමිසන් සභාවෙන් වැළැක්වීම වැරදි ක්‍රියාවක් බවත්, මේ පිළිබඳව නැවත සාකච්ඡා කිරිමට බලාපොරොත්තු වන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
ජනාධිපතිවරයා සහ පුවත්පත් කතුවරුන් අතර හමුව ජනාධිපති කාර්යාලයේ දී අද (5) දහවල් පැවැත්විණි.

