‘බදාදා සාකච්ඡාව ශ්‍රීලනිපය ගැන පමණයි‘


මෛත්‍රීපාල සිරිසේන ජනපති හා මහින්ද රාජපක්ෂ හිටපු ජනපති අතර බදාදා (05) සාකච්ඡාවේ දී කතා බහ කරනුයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධ කාරණා පමණක් බවත්, රජය සම්බන්ධ කිසිදු කරුණක් කතා බහ නොකරන බවත් ජනාධිපති මාධ්‍ය අංශය කියයි.

බදාදා (05) දහවල් එකට පාර්ලිමේන්තුවේ ජනාධිපති නිල කාමරයේ දී එම සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.

හිටපු ජනපති හා වත්මන් ජනපති අතර හමුවක් පැවැත්විය යුතු බව කුමාර වෙල්ගම සහ ටී බී ඒකනායක මහත්වරුන් ජනපතිගේ නිවසට පැමිණ ඉල්ලීමක් කළ බවත්, ඉන් පසු ස්වාමීන්වහන්සේලා කීප නමක් ද සාකච්ඡාවක් පවත්වන ලෙස ඉල්ලා සිටි බවත්, ඒ අනුව එම සාකච්ඡාව පැවැත්වෙන බවත් ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.