ලොව වැඩිපුරම රාජ්‍ය සම්පත් භාවිත කරමින් පවත්වන මැතිවරණය ලෙස මෙවර ජනාධිපතිවරණය ලෝක වාර්තාවක් තබන්නට යන බව ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා අද පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය.
‘විශාල වශයෙන් කටවුට් ගැහුවා. මාර්ග සංඥා පුවරුවල පවා කටවුට් ගැහුවා. රාජ්‍ය ආයතන ඇතුළෙත් කටවුට් ගැහුවා. නුගේගොඩ පාසලකත් කටවුට් එකක් ගහලා තිබුණා. අගුණකොල පැලැස්ස පොලිසියෙනුත් කටවුට් ගැහුවා. එහි තිබුණේ ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් කියලයි.
ආණ්ඩුවේ මැතිවරණ ආයන්ත්‍රණය අද බිඳ වැටිලා. බොහෝ දෙනෙක් ආණ්ඩුව අතහැරලා ගිහින්. දැන් සන්ධානයේ දේශපාලන වැඩ කරන්න යාන්ත්‍රණයක් නැහැ. වැඩ කරන්න කෙනෙක් නැහැ. ‘
සම්පූර්ණ වීඩියෝව පහතින්...

