‘පොල්හේනේ කුඩු හංසි’ අත්අඩංගුවට


(සුමතිපාල දීයගහගේ)
 

ප්‍රකට හෙරොයින් ජාවාරම් කරන තැනැත්තියක වන  'පොල්හේනේ කුඩු හංසි' සහ ඇගේ අනියම් සැමියා හෙරොයින් තොගයක් සමග හබරාදුව පොල්හේනේදී අද(30) අත්අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසයි.

සැකකාරියගේ නිවස වැටලීමේදී ඇය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 520 ක්ද සැකකරු සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 1 යි මිලිග්‍රෑම් 640 ක්ද තිබී සොයා ගැනීමට පොලිසිය සමත්ව ඇත.
 
අත්අඩංගුවට ගත් සැකකාරිය 25 හැවිරිදි, එක් දරු මවකි. ඇය අනියම් සැමියා වන 27 හැවිරිදි සැකකරු සමග හෙරොයින් ජාවාරම කරගෙන ගොස් ඇතැයිද පොලිසිය කියයි.
 
මෙම සැකකාරිය වසර තුනක පමණ කාලයක සිටද ඇගේ අනියම් සැමියා වසර දහයක පමන කාලයක සිටද දැඩි ලෙස හෙරොයින් පානය කිරීමට ඇබ්බැහිවී ඇති බවද, දිනකට මොවුන් දෙදෙනාට හෙරොයින් සඳහා රුපියල් 7,000ක පමණ මුදලක් අවශ්‍ය බවද විද්‍යුත් ක්‍රමයට මුදල් ලබාගෙන හෙරොයින් කුඩා පැකට්වල අසුරා විකුණා ඇතැයිද පොලිසිය පවසයි.
 
සැකකාර යුවළට පෙර වැරදි රැසක් ඇති බවද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.  
 
හෙරොයින් සමග සැකකාර යුවළ අද (30) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.