‘පොන්සේකා අතරමං කරන්නේ නැහැ‘


ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ විෂ බීජ ටික ඉවත් වූ පසු හරි ගමනක් පෙරට යා හැකියැයි එම පක්ෂයේ සභාපති පර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා කියයි. පක්ෂ නායක සරත් පොන්සේකා කිසිදා අතර මං නොකරන බවත් ඔහු සමග ඕනෑම විටෙක හිරබත් කෑමට වුවද සූදානම් බවත් මන්ත්‍රී පවසයි. මන්ත්‍රීන් වන ටිරාන් අලස් හා අර්ජුන රණතුංග මහත්වරු එම පක්ෂයෙන් ඉල්ලා අස් වූහ.