‘පැලවත්ත-සෙවනගල සීනී සමාගම පෞද්ගලික අංශයට පවරන්නේ නෑ‘


(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජූලිගේ)


පැලවත්ත හා සෙවනගල සීනි සමාගම් පෞද්ගලික අංශයට හෝ වෙනත් පුද්ගලයෙකුට පැවරීමට රජය කිසිදු තීරණයක් ගෙන නැතැයි රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද(20) පැවසීය.


මොනරාගල දිස්ත්‍රික් (එ.ජා.ප) මන්ත්‍රී පද්ම උදයශාන්ත මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව පැවසීය.