(ඩයනා උදයංගනී)
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සම්බන්ධයෙන් අධිකරණ ක‍්‍රියාමාර්ගයක් ගෙන තිබෙන්නේ නීතියට අනුව මිස දේශපාලන පළිගැනීමක් සඳහා නොවේ යැයි කැබිනට් ප‍්‍රකාශක, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
දේශපාලන පළිගැනීම් සඳහා නීතිය යොදාගැනීම, නීතිය නැවීම ආදිය ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ රජය යටතේ සිදුනොවන බව තමන් වගකීමෙන් ප‍්‍රකාශ කරන බව ද ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
නීතිය නැවීම, නීතියට පටහැනි ලෙස දේශපාලන පක්‍ෂ නායකයන්, මන්ත‍්‍රීවරු සිරගත කිරීම, ඇප නොදී දීර්ඝ කාලයක් බන්ධනාගාරගත කිරීම ආදිය පසුගිය රජයේ ප‍්‍රතිපත්තිය බව කී අමාත්‍යවරයා විපක්‍ෂයේ සිටියදී එම ප‍්‍රතිපත්තිය පිළිකුලින් හෙළා දුටු වත්මන් රජය එසේ කටයුතු කිරීමට බලාපොරොත්තු නොවන බව ද කීවේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ‍්‍රවණාගාරයේදී අද (19) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීයකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

