‘ප්‍රභාකරන්ට බැරි වූ දේ වෙන විදියකින් දිනා ගන්න හදනවා‘


ප්‍රභාකරන්නට දිනා ගැනීමට බැරි වූ දෙය වෙන විදියකින් දිනා ගැනීමට කැස කවන බව මහින්ද රාජපක්ෂ ජනපති කොළඹ ගාලු මුවදොර තුන්වැනි විජයග්‍රහණ සැමරුම අමතමින් ප්‍රකාශ කළේය. ප්‍රභාකරන්ට තිස් වසරක් තිස්සේ අවි බලයෙන් ඉටු කර ගන්නට නොහැකි වූ දෙය වෙනත් විදියකින් ලබා ගන්නට උත්සාහ කරතියි ද, විදේශයන් කියන පරිදි හමුදාව උතුරු නැගෙනහිරින් ඉවත් කිරීම රට අනතුරට හෙළීමකියි ද ජනපති කීය. ‘සියලු ජාතීන්ට මරණ බියකින් තොරව නිදහසේ හුස්ම ගැනීමට පුළුවන්. උපන් දරුවන්ට සුභ අනාගතයක් උදා කර දී තිබෙනවා. අපේ රණවිරුවන් උදා කර දුන් සාමය තහවුරු කර ගැනීමයි අපි කළ යුත්තේ.‘ ඡායාරූප -  යුද හමුදාව