‘ප්‍රතිඵල ගැන සතුටක් නෑ’


ලැබු ප්‍රතිඵල පිලිබදව සෑහිමකට පත් නොවුවවද සිටි ස්ථානයේ කිසිදු වෙනසක් සිදුව නැතැයි පලාත්සභා ඡන්ද ප්‍රතිඵල පිලිබදව කතා කරමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා එසෑණ සමග පෑවසීය.සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය තුන්වෙනි බලවේගය බවට පත් වී ජනතා විමුක්ති පෙරමුණ ඉන් පහළටත් ඇද වැටිම ගැන එසෑණ කල විමසුමට සෝමවංශ මහතා මෙසේ කීය.

එක,දෙක,තුන අංක අනුව නොවෙයි අපි දේශපාලනය කරන්නේ. රටේ තිබෙන පක්ෂ අතර විනයක් හා හොදම සංවිධාන ශක්තියක් ඈති එකම පක්ෂය අපේ පක්ෂය්යි. ඔබ සදහන් කරපු පක්ෂය විකල්ප පක්ෂයක් හෑටියටයි අපි දකින්නේ. අන්න එවැනි විකල්ප පක්ෂ එකට එකතු වු දවසට තමයි මේ රජයේ ඈද වෑටිම සිදුවෙන්නේ බෙබදු කම, සුදුව ගනිකා වෘත්තිය මේ රට විනාශ වෙලා, ණය ණය ණය හෑම අතින්ම ණය වෙනවා. මේ ණය කොහොමද ගෙවන්නේ? යන විදියට නියත වශයෙන්ම රටේ ආර්ථිකය කඩා වැටෙනවා.

 ඒක ස්ථිරයි. අවුරුදු 30ක් ලෝක බලවතා එක්ක යුද්ධ කරපු වියට්නාමය අද සීග්‍ර ආර්ථික දියුණුවක් ලබමින් පවතිනවා. චිනය උත්සහා ගන්නේ ලොක ආර්ථික බලවතා වෙන්න. ඒ හැම දේකටම රහස සමාජවාදි ආර්ථික ප්‍රතිපත්තිය. අපි පෙරමුණ ගන්නේ අන්න ඒ දේ රටට ලබා දෙන්නයි.