‘පහේ ප්‍රශ්නපත්‍ර පිටවූ බවට සාක්කි නෑ‘
පහේ ප්‍රශ්නපත්‍ර පිටවීම ගැන 50කගෙන් පමණ ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් 115කගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගත් නමුත් ප්‍රශ්න පත්‍රය පිටවූ බවට තොරතුරු නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
එහෙත් ගුරු සංගම් හා දෙමාපියන් කියනුයේ ප්‍රශ්න කිහිපයක් යක්කල ප්‍රදේශයේ හා තවත් ප්‍රදේශවල ටියුෂන් ද කරන ගුරුවරු කිහිප දෙනෙකු විභාගයට පෙර සිසුන්ට ඉගැන්වූ බවයි.
ප්‍රශ්නපත්‍ර පිටවීයැයි එළිපිටම ප්‍රකාශ කළ ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතාට රහස් පොලීසියට එන ලෙස සිව් වතාවක් දැනුම්දුන්නත් නොපැමිණි බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කරන ප්‍රකාශය නිවැරදිම නොවන බව මහින්ද ජයසිංහ මහතා කියයි.
පොලිස් පරීක්ෂකවරයකුගේ දැනුම්දීමක අනුව තමා දන්නා තොරතුරු ඔහුට ෆැක්ස් කළ බවත්, තවත් තොරතුරු අවශ්‍යනම් තමාට දැනුම් දෙන ලෙස දැන්වුවත් ඊට පිළිතුරු නොලැබුණු බවත්, ජයසිංහ මහතා කියයි.

