‘පරිගණක අපරාධ ඉහළට‘


පරිගණක සහ ජංගම දුරකතන භාවිතයෙන් සිදු කරන අපරාධවල ඉහළ ප්‍රවනතාවක් දකින්නට ඇතැයි ද මෙම විද්‍යුත් උපකරණයෙන් කෙරෙන අපරාධ සම්බන්ධයෙන් සතියකට පරීක්ෂණ දෙකක් පමණ කරන ලෙස අධිකරණය හෝ රහස් පොලිසියෙන් භාර කරන බව ද කොළඹ විශ්ව විද්‍යාලයයේ පරිගණක අධ්‍යයන ආයතනයේ ඩිජිටල් වෝහාරික තාක්ෂණ මධ්‍යස්ථානයේ අංශ ප්‍රධානී කීර්ති ගුණතිලක මහතා පවසයි.

දැනට පරීක්ෂණ තුන්සීයක් පමණ නිම කර වාර්තා අධිකරණය සහ රහස් පොලිසියට භාර දී ඇති බවත් ගුණතිලක මහතා කියයි.

ජංගම දුරකතන හෝ පරිගණක උපයෝගී කරගෙන සිදු කරන ඕනෑම වරදක් කොතරම් සූක්ෂමව කුමන ආකාරයකින් සිදු කළද එය හසු කර ගැනීමේ තාක්ෂණය තම මධ්‍යස්ථානය සතු බවත් ගුණතිලක මහතා සඳහන් කරයි.