රජය විසින් ලබා දුන් ඉතාලිය ඇතුළු රටවල් කිහිපයක ජීවත්වන ශ්‍රි ලාංකිකයින්ගේ දිවිත්ව පුරවැසි භාවය නවතා දමා මේ වන විට වසර කිහිපයක් ගතවී ඇති අතර එම රටවල ජිවත්වන දහස් ගණක් ශ්‍රි ලාංකිකයෝ මෙයට රජය මගින් ලබා දෙන විසදුම බලාපොරොත්තුවෙන් සිටිති.
ආගමන විගමන පාලක ජෙනරාල් චුලානන්ද පෙරේරා මහතා මෙසේ කියයි .
‘ අපි අපේ පැත්තෙන් නව කෙටුම්පතක් හදලා කෑබිනට් අනුමැතියට යොමු කලේ අවුරුද්දකට විතර කලින්. එකට කැබිනට් අනුමැතිය ලැබුණා. මෙතන මම වගකීමෙන් කියනවා පරක්කුව තියෙන්නේ නීතී කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ කියලා. මොකද ඔය අලුත් කෙටුම්පතේ පොඩි වගන්ති දෙකක් සංශෝදනය කරන්න තියෙනවා.
ඊට අවුරුද්දක් කල් ගත්තා කියන එක මටත් හිතා ගන්න අමාරුයි. ඒක හදපු ගමන් නැවත දිවිත්ව පුරවැසි කම දෙන්න අපිට පුලුවන්. හැබැයි විදෙස් ගත ශ්‍රි ලාංකිකයින් අපේ පුරවෑසි කමේ ගෞරවය ආරක්ෂා කරන්නත් ඔනේ.