‘පඩි ගෙවාගන්නවත් රජයට සල්ලි නෑ‘ - චන්ද්‍රිකා


රජයේ සේවකයන්ගේ වැටුප් පවා ගෙවා ගැනීමට බැරි තත්ත්වයකට රජය පත්වී ඇතැයි චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක හිටපු ජනපතිනිය ශ්‍රී ලංකා සංවර්ධන නිලධාරීන්ගේ රැස්වීමකදී ප්‍රකාශ කළාය.

ගිය රජය භාණ්ඩාගාරය හිස් කර ගිය නිසා නව රජය අමාරුවට පත්වී ඇති බව ඇය කීවාය. විනිවිද භාවයෙන් තොරව මහින්ද රාජපක්ෂ රජය ක්‍රියාකිරීමේ ප්‍රතිඵලය මෙය බවත් වත්මන් රජයේ යහපාලනය එරෙහිව ඔවුන් කල්ලි ගැහී ප්‍රති විප්ලවයක් අරඹා ඇතැයිද ඕ කීවාය.